ආරම්භයේදී වැලිසර ගොවිපල සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරන ලද අතර පසුව එය 1992 වසරේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් පවරා ගන්නා ලදී. මෙම ගොවිපල තවදුරටත් සංවර්ධනය කර දියුණු කිරීමේ වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය මගින් අරමුදල් සපයන ලදී. මෙම ගොවිපල මහබාගේ - රාගම මාර්ගයේ මහබාගේ හන්දියෙන් කිලෝමීටර 2 ක් දුරින් පිහිටා ඇත.
මෙය ශ්‍රී ලංකාවේ රජය සතු එකම න්‍යෂ්ටික සුකර අභිජනන ගොවිපල වන අතර,එහි නුමුහුම් වර්ගයේ ලෑන්ඩ් රේස්, ලාර්ජ් වයිට් සහ ඩියුරොක් සතුන් නඩත්තු කරනු ලැබේ. මෙම න්‍යෂ්ටික අභිජනන ගොවිපලෙන් ලියාපදිංචි ගුණන ඌරු අභිජනන ගොවිපල සහ වාණිජ ඌරු ගොවිපල පවත්වාගෙන යනු ලබන ගොවීන්ට අවශ්‍ය ඌරු පැටවුන් සපයනු ලැබේ. 2016 දී මෙම ගොවිපලේ සතුන් මාටින් ගොවිපල වෙත මාරු කර යවනු ලැබූ අතර පසුව මෙය NLDB හි කිරි බෙදා හැරීමේ සහ සැකසුම් කිරීමේ ඒකකය ලෙස වෙනස් කරන ලදී.